පෘථිවියේ ජිවයේ ආරම්භය ගැන කියන මතවාද
- BLOG එකට කාලෙකට පස්සේ තමයි ලිපියක් ලියන්නේ .අද කතා කරන්න යන්නේ ජිවයේ ආරම්භය හා ඒ සම්බන්ධ මතවාද ගැනයි.
ජිවයේ ආරම්භය එදා ඉදන්ම මිනිසා විවිධමත පල කලා .එවගේන් ප්‍රධානම මත ටික තමයි
- මැවුම් වාදය
- ජෛව රසායනික පරිණාම වාදය
- කොස්මසොයික් වාදය
- ස්ථාවරත්ව වාදය
- ස්වං සිද්ධ ජනන වාදය
මැවුම් වාදය
මෙම වාදයෙන් කියන්නේ යම් කිසි සර්වබලධාරී දෙවියෙක් හෝ යම්කිසි ඉහළ බුද්ධියක් මගින් ජිවය බිහිකලාය කියලා .විශේෂයෙන්ම ආබ්‍රහමික ආගම් වල මේක තමයි කියන්නේ .ගොඩක් ආගම් වල කියවෙන්නේ මිනිසා හා අනකුත් ජිවින් ඒ සර්වබලධාරී දෙවියා මැව්වා.සමහර මැවුම් වාදවල කියන්නේ බැක්ටීරියාව වගේ ප්‍රාථමික ජිවයක් මැව්වා ඊට පස්සේ පරිණාමයට උනා කියලා.
මයිකල් ආන්ජලෝ විසින් සිස්ටයින් දෙව් මැඳුරේ සිවිලිමේ ඇදපු "මැවිම '' නම් චිත්‍රය
-
ස්ථාවරත්ව වාදය
මේ වාදයේ කියවෙන්නේ ජිවයට පටන් ගැන්මක් නැහැ .ජිවය හැමදාම පැවතුනා .ජිවය වෙනස් වෙමින් හැමදාම පැවතුනා කියලා .මේක ගොඩක් අයට පිලිගන්න අමාරු මතයක් .
ස්වං සිද්ධ ජනන වාදය
මේ වාදය ලෝකෙට ඉදිරිපත් ඇරිස්ටොටල් .මේ වාදයට අනුව අජිවි ද්‍රව්‍යය වලින් ජිවින් ඉබේම හට ගන්නවා .උදාහරණ විදිහට මුහුදු වැලිවලින් බෙල්ලෝද ,පරණ රෙදි වලින් මියෝද ,මස් වලින් පනුවෝද හැදෙනවා.ස්වං සිද්ධ ජනන වාදය බොරු බව ඔප්පු කල රෙඩිගේ පරික්ෂණය
මේ වාදය 1668 දි ඉතාලියේ ෆ්රැන්සිස්කෝ රෙඩී විසින් පරික්ෂණයකින් වැරදි බව ඔප්පු කරල පෙන්නනවා .
කොස්මසොයික් වාදය
මේකෙදි කියන්නේ පිටත අභ්‍යවකාශයේ සිට ජිවය උල්කාපාත හෝ අභ්‍යවකාශ යනා මගින් පෘථිවියට අවා කියලා .යනා කතාව පැත්තකින් තියලා උල්කාපාත ගැන හිතුවොත් .
![]() |
| මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ |
මහතා මේ මතය දරන විශිෂ්ට තාරකාජිව විද්‍යාඥයක් .
ජෛව රසායනික පරිණාම වාදය
![]() |
| ආදි සුපය |
මේ වාදය තමයි දැනට විද්‍යාවෙන් වැඩිපුර පිලිගන්නේ .එකට අනුව ආදි පෘථිවිය මත තිබු අජීවි රසායන ද්‍රව්‍යය,මුහුදේදි එකිනෙක ප්‍රතික්‍රියාකර භෞතික ක්‍රියාවලි මගින් ජිවය ඇරඹුණු බවයි.එකට අකුණු ගැසිම් ,යමහල් ක්‍රියාකාරීත්වය ,විකිරණශීලි ද්‍රව්‍යය ක්ෂය විම් හා සුර්යයාගෙන් එන UV කිරණ මගින් අවශ්‍ය ශක්තිය ලැබි තියනවා .මේ ජිවයට අවශ්‍ය ද්‍රව්‍යය පිරුණු මුහුදට තමයි "ආදි සූපය "කියලා කියන්නේ .මේක ගැන වෙනම ලිපියක් ලියන්න වෙනවා .ඒ තරම් කරුණු තියනවා .
හිතන්න යමක්
- සාමාන්‍ය විද්‍යාමක දැනුමක් තියන ඔනී කෙනෙක් මැවුම් වාදය අයින් කරලා දානවා .එත් නිකන් හිතන්න අපි ඉන්නේ වෙනත් ඉහල බුද්ධියක් හදපු simulation එකක නම් ( Simulation hypothesis) අර ඉහල බුද්ධියක් විසින් අපිව මැව්වා වෙන්න බැරිද ?? හරියට අපි ගේම් එකක කැරැක්ටස් ඩිසයින් කරනවා වගේ අර ඉහල බුද්ධිය අපිව ඩිසයින් කලා වෙන්න බැරිද ??
- ජෛව රසායනික පරිණාම වාදය ගැන කතාකරන කොට අජිවි ද්‍රව්‍යය මගින් ජිවි ද්‍රව්‍යය ඇති උනා කියලා කියනවා.එක නිකන් ස්වං සිද්ධ ජනන වාදය වගේ නේ ???
අදට ලිපිය අවසන් ඊලඟ ලිපිය කොස්මසොයික් වාදය ගැන






Comments
Post a Comment