ලෝකේ ලොකුම ජිවියා කවුද ??
ලෝකේ ලොකුම ජිවියා කවුද ??
අපි ලෝකයේ විශාලතම ජිවියා ගැන අහුවම කියන්නෙ නිල් තල්මසා කියලා .එත් පොඩි හරි දැනුමක් තියන එක්කෙනෙක් කියන්නේ RED WOOD කියලා.
එත් එකත් හරිද ???
ලොව විශාලම ශාකය
ලොව විශාලතම ශාකය RED WOOD ගහක්. එකෙන් නම General Sherman.මිටර 84 උස ටොන් 1200 විතර බර මේ ගහ තියෙන්නෙ ඇමරිකාවෙ කැල්ෆොනියාවල.
විකිපිඩියා
General Sherman |
එත් මේක නෙවෙයි උසම ගහ
එකත තියෙන්නෙ ඇමරිකාවේ ම තමයි.RED WOOD ගහක්ම තමයි.උස 115.92 m වෙනවා.නම Hyperion.
විකිපිඩියා
Hyperion |
මේවා ඔක්කොම තනි ශාක ඔය අතර අමුතුම විදිහක් ගන්න ගස් ගොන්නක් තියනවා.
මෙක ශාක කොලනියක් කියන්නත් පුලුවන්.නම Pando.
කවදාහරි එක බිජයකින් පැලවුන එක ගහකින් මුල් මගින් තව ගස් පැල වෙලා එකම වනාන්තරක් වෙලා. මේ වැඩේ අවුරුදු 10,000 තිස්සේ වෙනවා කියලා තමයි කියන්නේ .
මේකේ විශේෂත්වය කියන්නේ එක එක ගහකින් උරා ගන්න ඛණිජ පෝෂක ,ජලය හා නිපදවන අහාර අනිත් ගස් අතර හුවමරු කර ගැනිමයි .ඔක්කෝම ගස් වල ප්‍රවේණික සංයුතිය සාමානයි.හැම ගහකම කොල හැලෙනේ එකට,අයෙත් කොල එන්නේ එකට
මේනිසා මේ මුලු වනාන්තරයම තනි ජිවියෙක් කියල ගන්න පුලුවන්.
pando |
pando root system |
ලොකුම සත්ත්වයා
දැනට දන්න හැටියට ලෝකයේ එතෙක් මෙතෙක් බිහිඋන ලොකුම සත්ත්වයා තමයිනිල් තල්මසා(ඩයිනෝසරයන්ට වඩා ලොකුයි ).සාමාන්‍ය වැඩුනු නිල් තල්මසෙක් මිටර 30 විතර දිගයි .ටොන් 175 පමන බරයි.
දැනට වාර්තා වන ලොකුම නිල් තල්මසා පිනන්නේ ලංකාව අවට මුහුදේලු.
විකිපිඩියා
Adult blue whale |
එතකොට ලොකුම ජිවියා ????
මේක හතු වර්ගයක් හිතාගන්නවත් බැහැ නේද ??
මේක තියේන්නෙත් ඇමරිකාවම තමයි.පොලොව මතුපිට තැන් තැන් වල හැදිලා තිබුනට ඔක්කොම පොලොව යටදි සම්බන්ධයි. තනි ජිවියෙක් විදිහට වැඩ කරන්වා.ඔක්කෝම බිම් මල් වල තියෙන්නෙ එකම ජාන සංයුතිය.
මේකට "Humongous Fungus" කියලා කියනවා. විශාලත්වය වර්ග කිලෝමිටර 10 විතර (වර්ග සැතපුම් 3 පමණ)
විකිපිඩියා
තවත් විස්තර
Humongous Fungus |
තවත් විද්‍යා දැනුම රැගෙන එමේ බලාපොරොතුවෙන් අදට සමුගන්නවා.
titanium pans | TITanium Artoon Glass - TITanium Art
ReplyDeleteTitanium pans are plastic coated ford fusion hybrid titanium with titanium titanium hip dioxide (Fe) for a lighter, titanium water bottle smoother and smoother fram titanium oil filter shave. These ceramic paints price of titanium give the character an Rating: 4.2 · 19 reviews · $11.97