සෞරග්‍රහ මණ්ඩලය මුලික ව්‍යූහය හා පිහිටීම


සුර්යයා හා ග්‍රහලෝක හැරුනු විට තව ගොඩක් දේවල් සෞරග්‍රහ මණ්ඩලය තුල සැඟවී තියනවා. . අපි නේප්චුන් ගෙන් එහාට තියන දේවල් ගැනත් පොඩ්ඩක් කතා කරමු .


පිහිටීම

විශ්වයේ  අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටිම කොහොම ඇත්ද ??
අපේ ග්‍රහ පද්ධතියක් පිහිටලා තියෙන්නේ  කිරි සයුර  කියන මන්දාකිණියේ  Orion කියන බාහුවේ .


කිරි සයුර මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 24000- 2800 පමණ දුරින් පිහිටා තිබෙනවා
තව ලොකුවට හිතුවොත් කිරි සයුර පිහිටලා තියෙන්නෙ දේශීය මන්දාකිණියේ පොකුරේ .මේකට අපේ අල්ලපු  මන්දාකිණිය ඇනෝමිඩ්‍රා අයිති වෙනවා .
දේශීය මන්දාකිණියේ පොකුර තියෙන්නෙ   වර්ගෝ ( Virgeo) සුපිරි මන්දාකිණි පොකුරේ
මේ සුපිරි මන්දාකිණ පොකුර විශ්වයේ ඉතා   කුඩා  තිතක්  විතරයි.

මේ කොස්මික් සාගරයේ  අපි කොච්චර පොඩිද ??


මුලු සෞරග්‍රහ මණ්ඩලයම මේ කිරි සයුර මධ්‍යයේ වටා කැරකෙනවා ආසන්නව තප්පරයට කිලෝමීටර් 220 (220 km/s) විතර වේගයකින්
සම්පුරන රවුමක් ගහන්න වසර මිලියන 225-250 විතර යනවා .

සෞරග්‍රහ මණ්ඩල ඈතින් ඉඳන් බැලුවහම ගමන් කරන විදිහ






මුලික ව්‍යූහය

 අපේ ග්‍රහ මණ්ඩයේ දැනට අපි දන්නා තරමින් 
  • එක තාරකාවක්
  • ග්‍රහලෝක 8ක්
  • වාමන ග්‍රහලෝක සිය ගණනක්
  • චන්ද්‍රයින් 472 ක්
  • උල්කාපත 3406 අඩංගු වෙනවා
(උපුටා ගැනිම -විකිපිඩියා)
සුර්යයා සාපේක්ෂව අනෙක් ග්‍රහලෝක

 සෞරග්‍රහ මණ්ඩලය මැද සුර්යයා සිටිනවා.එහි ස්කන්ධය සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86%.

එයට ඉවටතට  පිළිවෙළන් බුධ ,සිකුරු,පෘථිවිය,හා අඟහරු  කියන පාශානමය ග්‍රහලෝක තියනවා .
සමහර ග්‍රහලෝක වලට උපග්‍රහයෝ ඉන්නවා ,කාටවත් වලලු නැහැ.මේ ග්‍රහලෝක 4 අනිත් ග්‍රහලෝක වලට වඩා කුඩායි .
එතනිනුත් කුඩාම වෙන්නේ බුධ ,විශාලම පෘථිවිය .

ඉට පස්සේ තියෙන්නෙ ග්‍රහක වළල්ල ,මේකේ ග්‍රාහක මිලියනට වඩා තියන්වා ,එයින් 200 විතර 100ක km වඩා විශාල වස්තූන්  වෙනවා .
වාමන ග්‍රහයෙකුත් ඉන්නවා  Ceres කියලා
ග්‍රහක වළල්ල


ඊට පස්සේ එන්නේ වායු දැවැන්තයන්  පිළිවෙලින් බ්‍රහස්පති,සෙනසුරු ,යුරේනස් ,නෙප්චූන් තියන්වා .
මේ හැම ග්‍රහලෝ කටම  උපග්‍රහයෝ ඉන්නවා හැමොටම පොඩි හරි වලලු තියන්වා.
ග්‍රහලෝක වල ප්‍රමාණය සාපේක්ෂව


එතනින් එහාට තියේන්නේ  කුයිපර් පටිය .මේක සුර්යයා ගේ සිට කිලෝමිටර බිලියන 4.5 -7-.5 දුරකින්  අතර පිහිටනවා .
මෙහි ප්ලුටෝ  වගේ වාමන ග්‍රහලෝක කිහිපයක් තියන්වා
කුයිපර් පටිය


එ හරියෙම Scattered disc කියලා තව පටියක් තියන්වා මේක සුර්යයා ගේ සිට කිලෝමිටර බිලියන 150 පමන දුරකින් පිහිටනවා .
එකේ  Eris කියන වාමන ග්‍රහලෝකය තියන්වා 

ඉට එලියෙන් තියේනේ ඕට් වලාව .මේක මුලු සෞරග්‍රහ මණ්ඩල වටාම පිහිටනවා .මේකෙන් තමයි අපිට පෙනෙන ධූම කේතු එන්නේ .මෙහි විවිධ වස්තූ ට්‍රිලියනක් පමන තියන්වා
මේක සුර්යයා ගේ සිට කිලෝමිටර බිලියන 300 පමන දුරක සිට ඇරඹෙනවා  .
 
ඕට් වලාව

1AU=මිලියන 150 km(ආසන්නව)


අද මෙතනින් නවතිනවා.සෞරග්‍රහ මණ්ඩලයේ ගැන තවත් වටිනා තොරතුරු  සහිත ලිපියක් ගෙනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Comments

Post a Comment

ජනප්‍රිය ලිපි