සෞරග්‍රහ මණ්ඩලය - උපත

සෞරග්‍රහ මණ්ඩලය ගැන අපි දන්නේ මොනද ?? ඇත්තටම කිව්වොත් බොහොම පොඩ්ඩයි .ගොඩක් අය දන්නේ නැහැ වලලු තියෙනේ අඟහරුටද  සෙනසුරුටද කියලා වත්.මෙ ලිපිය කොටස් වශයෙන් ලියන්නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන එ තරම් තොරතුරු තොගයක් තියන නිසයි.

සෞරග්‍රහ මණ්ඩලය(පරිමාණයට නොවේ )
ආරම්භය

හරියටම කිව්වොත් මිට අවුරුදු බිලියන 4.568 කලින් අපේ සෞරග්‍රහ මණ්ඩලය තියන තැන තිබ්බේ දුවිලි වලින් පිරුනු  ,තාරකා වලට ජිවය දෙන ,ආලෝක වර්ෂ කිහිපයික් දිග අණුක වලාවක් (Molecular Cloud)එහෙම නැත්තම්  නිහාරිකාවක කොටසක්  කියන්නත් පුලුවන්.
මේකේ හයිඩ්‍රජන් ,හිලියම් වගේම මල තරු වල සුන්බුන් වන බර මුලද්‍රව්‍ය සුළු වශයෙන් පැවතුනා .

කරීනා නිහාරිකාවෙන් වෙන්වු Molecular Cloud එකක් (විකිපිඩියා)


ඔය කාලෙදි හදිසියේම විසිරිලා තිබ්බ ධුලි වලාකුල ගුරුත්වය නිසා මැදට එකතු වෙන්න ගත්තා . මේ නිසා මැද ගුරුත්වය වැඩි වෙලා එක වටේ අර ඉතිරි ද්‍රව්‍ය තැටියක් විදිහට  කැරකෙන්න පටන් අරගත්තා.මේක් තැටියට පූර්ව ග්‍රහලෝක තැටිය (Protoplanetary disk)කියලා කියනවා 
පූර්ව ග්‍රහලෝක තැටිය(Protoplanetary Disk)
මේ වෙනකොට අපේ සුර්යයා ඉපදිලා වැඩි කාලයික් නැහැ.
ඔය අතර දුවිලි කුඩා ග්‍රහක පාශාන ගුරුත්ව නිසා එකට එකතු වෙලා ග්‍රහාලෝක හදන්න පටන් ගන්නවා .
සුර්යයා ලගින් පිලිවෙලින් බුද ,සිකුරු, පෘථිවිය හා අඟහරු කියන පාශානමය කුඩා ග්‍රහලොක 4 ඇති වෙනවා.පිටතින්  පිලිවෙලින් බ්‍රහස්පති,සෙනසුරු,යුරේන්ස් ,නෙප්චූන් යන විශාල වායුම යෝධයන් ඇති වෙනවා .
ඉතිරි කොටස් වලින් වෙනත් දේවල්  හැදෙනවා .එවා ගැන පසුවට විස්තර කරන්නම් .

අවුරුදු මිලියන 50 කට විතර පෙර සුර්යයා එයාගේ තාප න්‍යෂ්ටි විලයන ප්‍රතික්‍රියාව පටන් ගන්නවා.මේ සමගම සුර්යය සුළං ඇති විම පටන් ගන්නවා .මෙමගින් පිටත විශ්වයේ සිට එන අහිතකර අන්තරික්ශ  කොස්මික් කිරන වලින්  ග්‍රහ මණ්ඩලය ආරක්ශා කරනවා.
එතන ඉදලා අද දක්වාද ,තව වසර වසර බිලියන 5 පමනද  සුර්යයාගේ තාප න්‍යෂ්ටි විලයන ප්‍රතික්‍රියාව සිදු කර , සුර්යයා මිය යනවා.

අද මෙතනින් නවතිනවා.සෞරග්‍රහ මණ්ඩලයේ ව්‍යූහය සම්බන්ධව ලිපියක් ගෙනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.







Comments

ජනප්‍රිය ලිපි