කඩශෝවා පරිමාණය ( kardashev scale)

කඩශෝවා පරිමාණය( kardashev scale)  කියන්නේ විශ්වයේ බිහිවන ශිශ්ටාචාර  වල දියුණුව කියාපාන පරිමාණයක්.ඒ වගේම මේ මගින් අපේ අනාගතය ගැන දල අදහසක් ගන්නත් පුලුවන් .

කඩශෝවා පරිමාණය  හඳුන්වා දෙන්නේ 1964 දී රුසියානු ජාතික තාරකා භෞතික විද්‍යාඥයෙකුවන නිකොලායි  කඩශෝවා ( Nikolai Kardashev) විසිනි .අප දන්නා තරමින් සියලු ජිවින්ට පොදු කරුණු වන්නේ ශක්ති පරිභෝජනයයි .මේ පරිමාණය ගොඩනැගුවේ එම කරුණු පදනම් කරගෙනයි .ජිවීන් දියුණු විමත් සමග ඔවුන්ගේ ශක්ති අවශ්‍යතාවය වැඩි වෙයි .





       
Nikolai  Kardashev

ජිවීන් ශක්තිය ලබා ගන්නා අකාරය අනුව ප්‍රධාන කාණ්ඩ 3කට බෙදා දක්වයි ,


  • Type-1
  • Type-2
  • Type-3
 

 සමහර විද්‍යාඥයින්  Type-4  හා  Type-5 යන ආකාරද අර්ථ දක්වයි .

 Type -1


  • මේ ජිවින්ට පුලුවන් තම මවි තාරකාවෙන් , ග්‍රහලොවට වැටෙන සියලු ශක්තිය හානියකින් තොරව ලබාගන්න .
  • එ වගේම ග්‍රහලෝකය තුල සිදුවන භූමිකම්පා ,සුලි සුලන් ,සුනාමි ආදි ස්වාභාවික ආපදා පාලනය කරන්න ඒ වගේම එම ක්‍රියාවලි වල ශක්තිය ගබඩා කරගන්න .
  • විද්‍යාඥයින් කියන විදිහට  අපිට මේ තත්ත්වයට එන්න තව අවුරුදු 100- 200 අතර කාලයක්
  • යන බව අනුමාන කරනවා .

Type-2


  • Type -1 ජිවින් තවදුරත් දියුණු වන විට එම ජීවින් Type -2 ආකාරයට පත් වෙනවා ,
  • එතකොට මොවුන්ගේ ශක්ති අවශ්‍යතාවය තව දුරටත් වැඩි වෙනවා .එතකොට මේ ගොල්ලා කරන්නේ තම මව් තාරකාවෙන් පිටවන සියලු   ශක්තිය ග්‍රහණය කරගනිමයි .
  • 1960 දි  Freeman Dyson  කියන විද්‍යාඥයා අදහසක් ඉදිරිපත් කරනවා ,එකෙන් කියවෙන්නේ  තම මව් තාරකාව වටා සාදන ලද අති දැවැන්ත  සුර්යය පැනල ගෝලයක් මගින් තාරකා වේ සියලු ශක්තිය ලබාගන්නා ආකරයයි .
  • මේ සුර්යය පැනල ගෝලයට කියන්නේ Dyson Sphere එකක් කියලා .මේක හදන්න සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හා ග්‍රහක   කැණීම් මගින් අවශ්‍ය අමුද්‍රව්‍යය සොයා ගැනිමට සිදුවෙවි.
Freeman Dyson
Dyson Sphere
Dyson Sphere




Type-3


  • තව දුරටත් ජීවින් දියුණුව විමේදි ශක්ති අවශ්‍යතාවය තවත් වැඩිවි අහල පහල තියන තරු වලට කලින් වගේ Dyson Sphere හදන එක .
    මේගොල්ලෝ මෙතනින් නවතින්නේ නැතුව මුලු මන්දාකිණිය පුරාම තියන තරු වලට Dyson Sphere දාලා මන්දාකිණිය අඳුරු කරන්න පටන් ගන්නවා .
  • එහෙම අපි ලග තියන මන්දාකිණිවලටත් ජිවය පතුරුවමින් , මේ වැඩේම කරනවා . 
  • මේ වැඩේට අමුතු මැශින් වගයක් යොදා ගන්නවා කියලා කියනවා .එවට කියන්නේ  von neumann probs  කියලා .මේවා විශ්වය පුරා විසුරුවා හැරිය විට මේවා වෙනත් ග්‍රහ පද්ධතිය වලට ගිහිල්ලා එවගේ තියන ග්‍රහලෝක වලදි තමාගේම පිටපත් හදලා නැවත විශ්වයට මුදා හරිනවා .
  • .මුලින් ආපු මැශින් ජීවයට සුදුසු  ග්‍රහලෝක  පුරා ජීවය පතුරුවාවි .මේ අකාරයට මුලු මන්දාකිණිය පුරා ජිවය පතුරුවවි
  • එ වගේම මේගොල්ලන්ට පුලුවන් වෙයි කලු කුහර ,පනු කුහර   තමාගේ පාලනයට නතු කර ගන්න


von neumann probs 

Type-4  හා  Type-5

මේ  ජිවීන්ට කරන්න පුලුවන් දේවල් අපිට හිතාගන්නවත් බැරි වෙයි, විද්‍යාඥයෝ කියන  විදිහට ඔවුන් මුලු විශ්වයම පාලනය
කරන්න පටන් ගන්නා බවයි
 

අපි කොහේද ????

අපි තාම Type -1 වලට වත් ඇවිත් නැහැ .විද්‍යාඥයෝ කියන විදිහට අපේ අගය 0.73 විතර වෙනවා කියලා තමයි කියන්නේ .

අතුරු කතා

විශ්වය බිහිවෙලා දැනට අවුරුදු බිලියන 13.7 විතර වෙනවා .ඔය කාලය ඇතුලත විද්‍යාඥයෝ කියන්නෙ විදිහට Type-3 හෝ Type-4 වගේ
ජිවි කොලනි ඇති වෙන්න හොදටම කාලය ප්‍රමානවත් .
ඉතින් ඔය කියන විදිහට දියුණුව පිටසක්වලයෝ ඉන්නවා නම් උන් දැන් අපිව හොයා ගේන තියෙන්න එපායැ???
ඔය ගැටලුව අපිට විතරක් නෙමෙයි විද්‍යාඥයින්ටත් අවා .එකට හේතු මොනාද කියලා බලන්න මිලග ලිපියෙන් හමුවෙමු .





Comments

Post a Comment

ජනප්‍රිය ලිපි