ජාන චිකිත්සාව
ජාන චිකිත්සාව, නවීන විද්‍යාවෙි විශේෂ හා විශිෂ්ට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හදුන්වන්න පුළුවන්. මේ ප්‍රතිකාර ක්‍රමය අාවේණික රෝග වලට වගේම අාවේණික නොවන රෝග වලටද ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා.
ජාන චිකිත්සාවෙදි කරන්නෙ ජාන වලට(විශේෂයෙන්ම රෝගී විකෘති ජාන වලට) ජාන වලින්ම ප්‍රතිකාර කිරීමක්.
මේකෙ අාකාර 2ක් තියෙනවා.
1. ජන්මානුපථ චිකිත්සාව ( germ line therapy )
2.දෙෙහික සෙෙල චිකිත්සාව (somatic cell therapy)
මෙහෙම නිවැරදි කරන ලද සෙෙල බිලියනයක් පමණ එකවර,නැවත තැන්පත් කරනවා.එමගින් පරිණත රුධිර සෙෙල වලට නිවැරදි ජානයේ පිටපත බැගින් ලැබෙනමුත් මුල් ජානය ඉවත් වීමක් සිදු වෙන්නේ නෑ. එ්ක මෙතැන්දී ගැටළුවක් වෙන්නේ නෑ. ගැටළු සහගත උනොත් නිවැරදිව ක්‍රියා නොකරන ජානය ඉවත් කිරීමට ප්‍රතිකාර කිරීම අනිවාර්යය වෙනවා.
ජාන චිකිත්සාවෙදි කරන්නෙ ජාන වලට(විශේෂයෙන්ම රෝගී විකෘති ජාන වලට) ජාන වලින්ම ප්‍රතිකාර කිරීමක්.
මේකෙ අාකාර 2ක් තියෙනවා.
1. ජන්මානුපථ චිකිත්සාව ( germ line therapy )
2.දෙෙහික සෙෙල චිකිත්සාව (somatic cell therapy)
1. ජන්මානුපථ චිකිත්සාව
මේ ක්‍රමයේදී යුක්තානුවකට එනම් සංසේචනය වූ ඩිම්බයකට නිවැරදි ජානය ක්ෂුද්‍ර එන්නත් ක්‍රමය කියන තාක්ෂණය භාවිතයෙන් අැතුල් කරලා නළ දරු තාක්ෂණය භාවිතයෙන් මවගේ ගර්භාෂය තුළ තැන්පත් කරනවා. එතකොට භ්‍රෑණයාට ලැබෙන හැම සෙෙලයකටම අර ජානයෙන් පිටපත බැගින් ලැබෙනවා.
ක්ෂුද්‍ර එන්නත් ක්‍රමය සදහා භාවිතා කරන උපකරණයක් |
2.දෙෙහික සෙෙල චිකිත්සාව
මේ ක්‍රමයේදී දේහයේ පවතින පිටතට ගත හැකි, සාමාන්‍ය සෙෙල(දෙෙහික සෙෙල) පිටතට අරගෙන නිවැරදි ජාන අැතුල් කරලා අායෙමත් දේහයේ තැන්පත් කරනවා.
මේ ක්‍රමය හීමෝෆීලියාව,තැලසීමියාව,දෑකැති හැඩැති සෙෙල රක්තහීනතාවය වගේ රුධිරගත රෝග වලට ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. එහිදී අැට මිදුළු වල මෞලික සෙෙල (අැට මිදුළුවල මෞලික සෙෙලම ගන්නෙ ඒවා රුධිර සෙෙල නිෂ්පාදනය කරන නිසයි) පිටතට අරගෙන අැඩිනෝ වෙෙරස වාහකයන් විදිහට යොදාගෙන නිවැරදි ජානය අැතුල් කරනවා.
අැඩිනෝ වෙෙරස (Adinovirus) |
මෙයා තමයි ලොව ප්‍රථම වරට ජාන චිකිත්සාව ලබාගත්තෙ. ලංකාවෙ කෙනෙක්. නම අශාන්ති ද සිල්වා. තාම මෙයා හොදින් නීරෝගීව ඉන්නවා.
වර්ථමානයේදී ජාන චිකිත්සාව, පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සදහා පරීක්ෂණ මට්ටමේ පවතිනවා. එසේම ඉදිරියේදී එය රූපලාවන්‍ය කටයුතු සදහාද යොදා ගැනීමට පුළුවන්..............................
Comments
Post a Comment