රැහැන් රහිත ආරෝපණය -Wireless Charging
Wireless Charging අන්තර්ජාලයයේ සැරිසරන අපිට මේක අලුත් වචනයක් නෙව්යි.එත් අපි මේක දැනගන්න අවුරුදු ගානකට කලින් තමා මේ පිළිබඳව අදහස් ඉදිරිපත් උනේ හා භාවිතා කලේ .
මේක ලෝකය පුරා ජනප්‍රිය උනේ ස්මාට් ෆොන් වලට මෙම තාක්ෂණය යොදා ගැනිමත් සමගයි.
ඉතිහාසය
මේ තාක්ෂණයට සම්බන්ධ දේවල් පටන් ගන්නේ මයිකල් ෆැරඩේ මහත්තයා විද්‍යුත් චුම්බකත්වය සොයාගැනීමත් සමගයි .එ 1821 විතර
ඊට පසේ තමයි විරයා එන්නේ .නිකොලි ටෙස්ලා මහත්තයා. 21 වන සියවස නිර්මාණයකල මිනිසා .මිනිහා හදන පලවෙනි වයර්ලස් චාජරය වගේ එක.
මිනිහා එක හදන්නේ මුකුත චාජ් කරන්න නෙවෙයි ලෝකෙටම නිකන් විදුලිය සපයන්න.
චුම්බක ස්රාවය වෙනස් කරන්න පුලුවන් චුම්බකය තමයි අපේ වයර්ලස් චාජර් එක .එකේ තියන්වා දඟරයක් .එක හදනවා අපි පොඩි කාලේ හැදුවා වගේ පොඩි විද්‍යුත් චුම්බකයක් (අර ඇණයක් අරන් එක වටේ තඹ කම්බියක් ඔතලා කරේ )
Wireless Charging වල අවාසි ⭆මේ විදිහට පොඩි විදුලියක් විතරයි යවන්න පුලුවන්.
මේක ලෝකය පුරා ජනප්‍රිය උනේ ස්මාට් ෆොන් වලට මෙම තාක්ෂණය යොදා ගැනිමත් සමගයි.
ඉතිහාසය
මේ තාක්ෂණයට සම්බන්ධ දේවල් පටන් ගන්නේ මයිකල් ෆැරඩේ මහත්තයා විද්‍යුත් චුම්බකත්වය සොයාගැනීමත් සමගයි .එ 1821 විතර
මයිකල් ෆැරඩේ |
ඊට පසේ තමයි විරයා එන්නේ .නිකොලි ටෙස්ලා මහත්තයා. 21 වන සියවස නිර්මාණයකල මිනිසා .මිනිහා හදන පලවෙනි වයර්ලස් චාජරය වගේ එක.
මිනිහා එක හදන්නේ මුකුත චාජ් කරන්න නෙවෙයි ලෝකෙටම නිකන් විදුලිය සපයන්න.
ගොඩක් අය අහලා ඇති Wardenclyffe Tower හෙවත් ටෙස්ලා කුලුන ගැන .
අඩි 200 උසයි .ටෙලිෆෝන් සිග්නල් කනුවක් විතර ඇති .
කොහොම උනත් ටෙස්ලා මහත්තයාට වැඩේ කරගන්න බැරි වෙනවා.
තව ගොඩක් දේවල් ලියන්න තිබුනත් මෙතනින් දැන ගන්න ඔනි ඉතිහාසය ඉවර කරනවා.
Wardenclyffe Tower |
නිකොලි ටෙස්ලා |
සම්බන්ද විද්‍යාත්මක කරුණු
ෆැරඩේ නියම
සන්නායකයක් හා ඇමිණි ඇති චුම්බක ස්රාවය( 🔺Φ) විචලනය වන සිඝ්‍රතාවය, එම සන්නායකය තුල ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයට අනුලෝමව සමානුපාතිකය.
එතකොට Wireless Charging වලදි අපි ස්මාර්ට් ෆොන් එක එහා මෙහා කර කර චාජ් කරන්නේ නැහැනේ. එ නිසා චුම්බක ස්රාවය වෙනස් කරන්න පුලුවන් චුම්බකයක් යොදා ගන්නවා .
චුම්බක ස්රාවය වෙනස් කරන්න පුලුවන් චුම්බකය තමයි අපේ වයර්ලස් චාජර් එක .එකේ තියන්වා දඟරයක් .එක හදනවා අපි පොඩි කාලේ හැදුවා වගේ පොඩි විද්‍යුත් චුම්බකයක් (අර ඇණයක් අරන් එක වටේ තඹ කම්බියක් ඔතලා කරේ )
එතකොට ඔකට එන විදුලිය ලොකු වේගයකින් දිශාව මාරු කරනවා .හරියට ප්‍රත්‍යාවර්ත (සිංහලෙන් AC කරන්ට් එක ) වගේම .එත කොට උඩ පින්තුරේ තියන චුම්බකය එහා මේහා යන වැඩෙට සමාන වැඩක් වෙනවා.චුම්බකයේ උතුර දකුණු විදුලිය මාරු කරන විදිහටම වෙනස් වෙනවා.
චාජරය තුල ඇති දඟරය (මෙය තුල විදුලිය ගමන් කරයි) |
එත කොට ස්මාට් ෆොන් එක ඇතුලේ තියන්වා එලියේ තියන දඟරයට සමාන කොටසක්.
අර චාජ්රය මගින් චුම්බක ස්රාවය වෙනස් කරන කොට ෆොන් එක ඇතුලේ තියන දඟරයේ විදුලිය නිපදවන්න පටන් ගන්නවා.ඔන්න ෆොන් එක චාජ් වෙන්න පටන් ගන්නවා.වැඩේ හරි .
ෆෝන් එක ඇතුලේ තියන දඟරය |
රැහැන් රහිත විදුලි සම්ප්රේශකයක සරල ආදර්ශයක් |
Nokia Lumia 920 |
මුලින්ම Wireless Charging ආපු ස්මාට් ෆොන් එක තමයි නොකියා ලුමියා 920 ෆොන් එක.
දැන් එන අලුත් විදුලි වාහන වල මේම තාක්ෂණය බාවිතා වෙනවා.
Wireless Charging වල වාසි ⭆ භාවිතය පහසුයි.
⭆ උපාංග ගෙවි යාමක් නැහැ .
⭆ විදුලි කාන්දු අවම නිසා ආරක්ශාව වැඩි
⭆ එකවර උපාංග කිහිපයක් චාජ් කරන්න පුලුවන්
Wireless Charging වල අවාසි ⭆මේ විදිහට පොඩි විදුලියක් විතරයි යවන්න පුලුවන්.
එ නිසා චාජ් වෙන්න ටිකක් වැඩිපුර වෙලා යනවා.
⭆සමහර වෙලාවට ෆොන් එකේ දඟරය ඔනිවට වඩා රත්
වෙනවා(ජුල් තාපනය ) එක බැටරියට හොඳ නැහැ .
අදට ලිපිය ඉවරයි තව ලිපියකින් හමු වෙමු .ඔයලගේ අදහස් යෝජනා ,චෝදනා අපිට ක්මෙන්ට් මගින් දැනුම් දෙන්න.
Comments
Post a Comment