The pearl blue dot - ලා නිල් තිත
විශ්වයේ මෑත කෙලවරේ දී මහ පොළොවට එතරම් විශේෂයක් නැහැ ඒක අඳුරේ තියෙන ලා නිල් පාට dot වගේ .එත් අපිට ඒක එහෙම නෙවෙයි .
ආයෙමත් හිතන්නේ dot එක ගැන ඒ අපේ ගෙදර. ඒ අපි ඔබ ආදරේ කරන හැම කෙනෙක්ම, ඔබ අඳුර හැම කෙනෙක්ම, ඔබ අහල තියෙන හැම කෙනෙක්ම ,මෙතෙක් කල් මිනිසෙක්ව උපන් සෑම කෙනෙක්ම ජීවත් වුණේ එක ඇතුලේ.අපේ ප්රීතිවිම් ,වැළපීම් ,දහස් ගණනක් ආගම් ,මතවාද ,ආර්ථික ක්‍රම ,හැම දඩයක්කාරයෙක්ම ,හැම වීරයා, ම හැම නෝන්ජලයාම ,ශිෂ්ටාචාරය ගොඩ නඟන හැම කෙනාම, ශිෂ්ටාචාරය විනාශ කරන හැම කෙනාම හැම රජාම ,හැම යටත්වැසියාම ආලයෙන් වෙලුනු හැම යුවළක්ම, හැම අම්මෙක්ම , හැම තාත්තෙක්ම ,හෙට ගැන පතන හැම දරුවෙක්ම හැම නිර්මාණ ශිල්පියාම ,හැම ගවේෂකයාම, සදාචාරය කියලා දෙන හැම කෙනාම, සෑම දූෂිත දුෂිත දේශපාලුවම, හැම superstar කෙනෙක්ම ම,හැම සාන්තුවරයෙක්ම , හැම පව්කාරයෙක්ම, හිටියේ මේක ඇතුලේ .සූර්ය කිරණ එල්ලුනු පුංචි දුවිල්ලක් ඇතුලේ.
මහ පොළොව කියන්නේ සුවිශාල විශ්වයේ පුංචිම පුංචි අවස්ථාවක්
නිකමට වගේ හිතන්න මේ පුංචි dot එකෙනුත් පුංචි කෑල්ලක් අල්ලා ගන්න සෙන්පතියෝ, පාලකයෝ හලපු ලේ ගංගා ප්‍රමාණය ගැන
මේ dot ඇතුලේ මුල්ලක ජීවත් වෙච්ච පිරිසක් තවත් මුල්ලක ජීවත් වුණු ඊට වෙනස් අයට කරපු නොනවතින කෲරකම් ඒ ගැන ,
කොච්චරක් වැරදි වැටහීම් ගොඩක් ද ??,එකිනෙකා මරා ගන්න උන් කොච්චර කැමතිද ??ඔවුන් වෛර කර ගන්නේ කොයි තරම් උද්යෝගයෙන්ද?,
අපේ ඉරියව්, අපි මවාගත්ත ලොකුකම්, විශ්වයේ වරප්රසාදලත් තැනක අපි ඉන්නවා කියලා හිතන මුලාවන්,මේ වගේ ලා එලිය කිරණක් ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා
අපේ ග්‍රහලෝක කියන්නේ තෙරක් නොපෙනෙන මහ කොස්මික් අඳුරේ තනි උනා අංශුවක්. මේ සුවිසල් බව තුළ අපව ගලවා ගන්න උදව්වක් පිටතින් කියලා ඉගියක් වත් තාම නෑ.
මහාපොළොව තමයි මේ තාක් ජීවිත රැකවරණය දෙන්න පුළුවන් එකම ලෝකය. මනුෂ්‍යයාට සංක්‍රමණය වේන්න වෙනත් තැනක් පේන මානයක වත් නෑ. ගිහින් එන්න, පුළුවන්. ජීවත් වෙන්න, තාම බෑ. කැමති වුනත් නැතත් අපිට ඉන්න වෙලා තියෙන මේ dot එක ඇතුලේ.
අපේ මේ පුංචි ලෝකෙ ගැන ඈත ඉදන් ගත්ත පින්තූරය තරම් මිනිස්සුන්ගේ පටු මෝඩ, අභිමානය ගැන කියලා දෙන මීට වඩා හොඳ එකක්, සමහර විට නැතිව ඇති. මට නම් ඒ කාරණා සියල්ල එකිනෙකා සමඟ වඩා කරුණාවෙන් සිටිමත්, මේ ලා නිල් තිත රැකබලා ගැනීමේ වගකීම නිතර නිතර මතක් කරල දෙනවා .
1990 පෙබරවාරි 14 වෝයේජර් 1 යානය මගින් ලබාගත් මහ පොළවේ ඡායාරූපය
කීර්තිමත් විද්‍යාඥයකු වූ කාල් සේගන්ගේ
pale blue dot නම් කෘතියෙනි
ස්තුතිය -බංකොලොත් තර්ක
Comments
Post a Comment